Software පිටුව වෙත ගියාම පහත ආකාරයට දක්නට ලැබේවි මෙහි ආකාර දෙකක් දැක්වෙනවා

  1. Online Arduino IDE  ( online භාවිතා කරන්න පුළුවන්)
  2. Arduino IDE ( ඩවුන්ලෝඩ් කරලා භාවිතා කරන්න පුළුවන්)

දැන් අපි Arduino software එක ගැන හොයලා බලමු.

අපි Arduino IDE එක භාවිතා කරලා නිර්මාණය කරන ප්‍රෝග්‍රෑම් වැඩසටහන් sketches කියලා හදුන්වනවා. මෙම sketches code කිරීමට text editor එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. එම sketches  එකක් Save කිරීමේදී file extension එක විදියට .ino ලෙස භාවිතා කල යුතුයි. Arduino IDE එකේ code කිරීමේදී ඔබට cutting/pasting/searching/replacing වගේ  Features භාවිතා කරන්න පුළුවන්.

message area එකේ ඔබගේ ප්‍රොග්‍රම් එකේ errors. feedbacks සහ tips දැක්වෙනවා. Arduino Software (IDE), එකේ Console ලෙස දැක්වෙන එකේ complete error messages text එකක් විදියට displays වෙනවා. Arduino IDE එකේ පහල දකුණු කෙලවරේ ඔබ භාවිතා කිරීමට තෝරා ඇති board එක සහ serial port එක දැක්වෙනවා.

Toolbar එකේ ඇති buttons වලින් ඔබගේ sketches එක code verify කිරීම, upload කිරීම, create, open, සහ  save, open serial monitor. වලට භාවිතා කරන්න පුළුවන්.

 

  Verify

Code Compile කර එකේ errors තිබේ දැයි check කිරීමට මෙය භාවිතා කරයි.

  Upload

ඔබගේ code එක Compile කර board එකට අප්ලෝඩ් කිරීමට භාවිතා කරයි..

  New

නව ප්‍රෝග්‍රෑම් එකක් code කිරීමට sketch එකක් ලබා ගන්න භාවිතා කරයි.

  Open

කලින් code කරන ලද sketch එකක් නැවතත් open කර ගැනීමට භාවිතා කරයි.

  Save

ඔබ කරන ලද sketch එක save කරගන්න මෙය භාවිතා කරන්න.

  Serial Monitor

serial monitor එක open කරගැනීමට භාවිතා කරයි.

 

තවත් අමතර් commands රැසක් ඔබගේ Arduino IDE එකේ දැකගන්න පුළුවන්.එහි menus 5ක් දැකගන්න පුළුවන්.: File, Edit, Sketch, Tools, Help. මෙම menu වල අඩංගු දේවල් සමග වැඩ කරන ආකාරය ඉදිරි පාඩම් වලදී ඔබට දැනගන්න පුළුවන්.

දැන් අපි උදාහරණයක් විදියට පොඩි program එකක් අරගෙන බලමු. Arduino IDE එකේ Example වල තියෙන Blink sketch එක ඕපන් කරගන්න

 

බෝර්ඩ් එක Select කිරීම


දැන් ඔබගේ Arduino Board එක ඔබගේ පරිගණකයට සම්බන්ධ කරන්න. සම්බන්ධ කිරීමෙන් පස්සේ අපි භාවිතා කරන බෝර්ඩ් එක මොකක්ද කියල software එකේ select කරන්න ඕන. ඒ සදහා tool මෙනු එකේ Board කියන එකට ගිහින් අදාල බෝර්ඩ් එක තෝරන්න මෙහිදී අපි භාවිත කරන්නේ Arduino Uno කියන බෝර්ඩ් එක

Port එක Select කිරීම


Board එක ඔබගේ පරිගණකයට සම්බන්ධ කර ගැනීමෙන් පස්සේ Serial port එක සෙලෙක්ට් කර ගන්න අවශ්‍ය වේ. ඒ සදහා පහත දැක්වෙන ආකාරයට ක්‍රියා කරන්න. එහිදී ඔබ ඔබගේArduino Board එක පරිගණකයට සම්බන්ධ කර ඇති USB port එකට අදාල Com port එක දැක්වේ. එය select කරන්න.

දැන් ඔබ open කරගත් Sketch එක toolbar එකේ ඇති  “Verify” button එක ක්ලික් කරන්න

දැන් ඔබට ඔබගේ ප්‍රොග්‍රම් එක compile වෙන ආකාරය දැකගන්න පුළුවන්.

ටික වෙලාවකින් ඔබගේ ප්‍රෝග්‍රෑම් එක compile වෙලා අවසන් වේවි. ඒ බව පහත ආකාරයට දැකගන්න පුළුවන්. එහි code size එක සහ භාවිතා වුණ storage එක % එකක් ලෙස දැකගන්න පුළුවන්.

ප්‍රොග්‍රම් එකක් code කිරීමෙන් පස්සේ එහි syntax errors නොමැති නම් ඔබගේ ප්‍රෝග්‍රෑම් එක board එකට අප්ලෝඩ් කරන්න පුලුවන්. syntax errors  පවතී නම් ඒ බව error massage එකකින් පෙන්නුම් කරයි.

දැන් toolbar එකේ “Upload” Button එක ක්ලික් කර ප්‍රෝග්‍රෑම් එක Upload කරගන්න පුලුවන්

Code එක අප්ලෝඩ් කරන ආකාරය පහත ආකාරයට දැකගන්න පුළුවන්.

ටික වෙලාවකින් code එක අප්ලෝඩ් වෙලා අවසන් වේවි. එය පහත ආකාරයට දැකගන්න පුළුවන්.

code එක අප්ලෝඩ් කිරීමෙන් පසු ඔබට Arduino Board එකේ LED L ලෙස සදහන් කර ඇති LED බල්බ් එක Blink වෙනවා දැකගත හැකියි.

දැන් අපි අපේ පළමු පියවර අවසන්. හිතනවා ඔබ පළමු පාඩම සාර්ථක ලෙස නිම කරන්න ඇති කියල. දැන් අපි එකින් එක පියවරෙන් පියවර ඉදිරියට නව project අත්හදා බලමින් ඉදිරියට යමු. එමගින් ඔබට Arduino Programming සහ Circuit Design ගැන මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්.