Arduino බෝර්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න අපිට Arduino Software එක අවශ්‍ය වෙනවා. එක නිසා දැන් අපි බලමු ඔබගේ පරිගණකට Arduino Software එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා.

Arduino.CC වෙබ් අඩවියේ Software පිටුව වෙත පිවිසුන විට ඔබට පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන්. එහිදී ඔබට ඔබගේ Operating System එකට ගැලපෙන Version එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Windows, Linux, MacOS වලට ගැලපෙන සංස්කරණ මෙහි දක්වා තියෙනවා. Windows මෙහෙයුම් පද්ධතිය සදහා මෙහි Windows Installer කියන එක භාවිතා කරන්න පුළුවන්.

ක්ලික් කිරීමෙන් පස්සේ පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස්වේ. එහි JUST DOWNLOAD ක්ලික් කරන්න

ඩවුන්ලෝඩ් ක්ලික් කිරීමෙන් පස්සේ ඔබට පහත ආකාරයේ ෆයිල් එකක් ඔබේ පරිගණකයේ සේව් කරගන්න පුළුවන්.

දැන් ඒ ෆයිල් එක ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න. දැන් පහත ආකාරයේ windows එකක් දැකගන්න පුළුවන් වේවි. එහි  I Agree ක්ලික් කර ඉදිරියට යන්න

NEXT ක්ලික් කර ඉදිරියට යන්න

දැන් INSTALL ක්ලික් කරන්න

ඉන්ස්ටෝල් වීම අතරතුර ඔබට පහත ආකාරයේ popup windows එකක් දිස්වේ. එහි Install ක්ලික් කරන්න. එමගින් ඔබගේ පරිගණකය හා Arduino IDE එක සම්බන්ධ කෙරෙන USB Drivers පරිගණකට ඉන්ස්ටෝල් වේ.

දැන් ඔබගේ පරිගණකට Arduino IDE එක සාර්ථකව ඉන්ස්ටෝල් වී අවසන්. පහත දැක්වෙන window එකේ Close ක්ලික් ඉවත් වෙන්න

 

දැන් ඔබගේ පරිගණකට Arduino IDE එක ඉන්ස්ටෝල් වී අවසන් දැන් ඔබට එය ඔබගේ පරිගණකයේදී එය භාවිතා කරන්න පුළුවන්. Desktop එකට ඔබට පහත ආකාරයට icon එකක් අලුතෙන් එකතු වී ඇති අතර එය දෙපාරක් click කර IDE එකට පිවිසෙන්න පුළුවන්.