මුලින්ම අපි Online Arduino IDE එක භාවිතා කරන ආකාරය බලමු. IDE කියලා කෙටියෙන් හදුවන්නේ Integrated Development Environment කියන එකයි. මෙය භාවිතා කරලා පහසුවෙන් Arduino tutorial භාවිතා කරන්න පුළුවන්. Arduino programming කරන්න වගේම ඒවා share කරන්න පුළුවන්. අපි කරන ප්‍රෝග්‍රෑම් Arduino බෝර්ඩ් එකට අප්ලෝඩ් පුළුවන්.  මෙහිදී ඔබගේ Arduino ප්‍රෝග්‍රෑම් 100ක් online Save කරලා තියාගන්න පුළුවන්. ඒවා කැමති වෙලාවට ඔබගේ ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. How to use online Arduino IDE

පහත දැක්වෙන  Try it Now භාවිතා කරලා online IDE එක වෙත පිවිසෙන්න පුළුවන්. නැතිනම් පහත ලින්ක් එක භාවිතා කරලා පිවිසෙන්නත් පුළුවන්. https://create.arduino.cc/editor

දැන් එහි අලුත් account එකක් Create කරගත යුතු වෙනවා. ඒ සදහා SIGN UP ක්ලික් කරන්න. ඔබට කලින් සාදාගත් account එකක් තිබේ නම් Login ක්ලික් කරලා log වෙන්න පුළුවන්

පහත ෆෝරමය පුරවලා CREATE ACCOUNT ක්ලික් කරන්න.

ඊට පස්සේ ඔබ ලබා දුන් ඊමේල් ලිපිනට verification ඊමේල් එකක් පැමිණේ

දැන් ඔබගේ email ගිණුමට පිවිසෙන්න ඔබට පහත ආකාරයේ ඊමේල් පණිවිඩයක් දැක ගත හැකි වේවි. එහි ඇති එම ලින්ක් එක ක්ලික් කරන්න එවිට ඔබගේ ගිණුම සක්‍රිය කරගන්න පුළුවන්.

දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේ. එහි ඔබගේ නම සහ රට තෝරන්න. ඊට පසු AGREE ක්ලික් කරන්න

දැන් අපි  Arduino Web IDE Plugin එක ඉන්ස්ටෝල් කරගන්න ඕන. පහත දැක්වෙන පිටුවේ Setup Arduino Plugin ක්ලික් කර ඉදිරියට යන්න.

දැන් පහත ආකාරයේ පිටුවක් දිස්වේ. එහි NEXT ක්ලික් කර ඉදිරියට යන්න.

දැන් නැවතත් පහත ආකාරයේ පිටුවක් දිස්වේවි එහි DOWNLOAD PLUGIN ක්ලික් කරන්න

Plugin එක ඩවුන්ලෝඩ් වීමෙන් පස්සේ ඔබට පහත ආකාරයේ පණිවිඩයක් දිස් වේවි, මෙය ඔබ භාවිත කරන වෙබ් බ්‍රව්සේර් එක අනුව වෙනස් වෙනවා. එහි ඇති save ක්ලික් කර අවශ්‍ය නම් Plugin ෆයිල් එක ඔබගේ පරිගණකයේ සේව් කරනගන්න පුළුවන්. එසේ නැති නම් Run ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න පුළුවන්.

Run ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කිරීමෙන් පස්සේ පහත ආකාරයේ windows එකක් දිස් වේ. එහි පහත ආකාරයට NEXT ක්ලික් කර ඉදිරියට යන්න

    

Plugin එක නිවැරදිව ඉන්ස්ටෝල් වීමෙන් පසු පහත ආකාරයේ window එකක් දිස් වේවි.

ඉන් පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස් වේවි එහි ඇති NEXT ක්ලික් කරන්න

දැන් ඔබට online IDE එක වෙත පිවිසෙන්න පුළුවන් දැන් ඔබට මෙය භාවිතා කර ඔබගේ Arduino boards ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.

ඊලග පාඩමෙන් අපි බලමු online IDE එක භාවිතා කරන්නේ කොහොමද කියලා