Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ microcontroller එකක් සහිත board එකකි. වර්තමානයේ දැන් Arduino බෝර්ඩ් වර්ග 10 කට වඩා තියෙනවා. මේවා විවිධ අවස්ථා වල එම අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක භාවිතයට ගන්නවා.

Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board වල ක්ලෝන (Clones) සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීෙම්දී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනව. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්.

Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

දැන් ඔබ කල්පනා කරනවා ඇති Arduino හා programming සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ board සඳහා program එකක් ඇළුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ “The Arduino Software” නැමැති IDE (Integrated Development Environment) එකයි

 

ඒවගේම මේ board වල හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට අපිට Arduino විසින්ම විවිධ වූ expansion boards හඳුන්වා දී තිබෙනවා. ඔවුන් ඒවා හඳුන් වන්නේ Shields කියායි. මේ Shields වල සුවිශේෂීත්වය තමයි ප්‍රධාන board එක මත මේ shields ඉතා පහසුවෙන් සවිකර භාවිතයට ගැනීමේ හැකියාවයි.  (පහත රූපය බලන්න, මෙහිදී Arduino Uno board එකට Shileds දෙකක් සවි කර තිබෙනවා)