Arduino Pro Mini කියන්නේ ඉතා කුඩාවට සකස් කරන ලද Arduino එකක් Arduino  UNO හෝ MEGA බෝඩ් එකෙන් කරන වැඩ මේ බෝර්ඩ් එක යොදා ගෙන කරන්න පුළුවන්.  මෙය සවි කිරීමට ඉතා කුඩා ඉඩක් පමණක් අවශ්‍ය වන නිසා  ඔබ නිර්මාණය කරන projects වලට ස්ථිරවම මෙය යොදා ගන්න පුළුවන්.

මෙහි සියලුම ක්‍රියාකාරිත්වය Arduino  UNO  බෝර්ඩ් එකට සමාන වන අතර මෙහි ප්‍රමාණය 18x33mm වනවා. මෙය මිලෙනුත් ඉතාම අඩුයි. ලංකාවේ මෙය Rs 500 අසන්න මුදලකට මිලදී ගන්න පුළුවන්. නමුත් මෙහි USB සම්බන්ධ කිරීමට හැකියාවක් නැ. මෙහි USB programmer එක බෝර්ඩ් එක තුල අන්තර්ගත වෙන්නේ නැ. එම නිසා මෙයට ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලත් කිරීමට අපිට පිටතින් USB programmer එකක් සම්බන්ධ කරන්න වෙනවා. මෙහිදී අපි Arduino  UNO බෝර්ඩ් එකක් භාවිතා කර ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලත් කරන ආකාරය සලකා බලමු.

 

 

නමුත් ඔබට අවශ්‍ය නම් Arduino Uno එක වෙනුවට Mega, Mini හෝ Leonardo  බෝර්ඩ් එකක් වුනත් භාවිතා කරන්න පුළුවන්.

Arduino Pro Mini බෝර්ඩ් එක 3.3v සහ 5v යන වර්ග 2කෙන් ලබා ගන්න පුළුවන්. පහත දැක්වෙන්නේ 5v බෝර්ඩ් එකක් සම්බන්ධ කර ඇති ආකාරයයි.

 

Arduino UNO R3 Pin Arduino Pro Pin
5v (or 3.3v) VCC
GND GND
RX RX
TX TX
Reset GRN

මුලින්ම IDE එකේ බෝර්ඩ් එක තෝරන්න

Pro Mini බෝර්ඩ් වර්ග 4 ක් තියෙනවා. එම නිසා නැවතත් අදාල බෝර්ඩ් එක තෝරන්න වෙනවා. ඒ සදහා IDE එකේ tool වෙත ගොස් Processor මෙනු එකෙන් තෝරන්න පුළුවන්. ඔබ 3.3v Pro Mini  බෝර්ඩ් එකක්  භාවිතා කරනවනම් IDE එකේ බෝර්ඩ් එක තෝරන විට 3.3v සහිත Pro Mini  බෝර්ඩ් එක තෝරන්න ඕන.  එය පහත ආකාරයට ඔයාට සිදු කරන්න පුළුවන්.

දැන් ඔබට සාමාන්‍ය ආකාරයටම Pro Mini බෝර්ඩ්  එකට code අප්ලෝඩ් කරන්න පුළුවන්.